වැල් අල
ශ්‍රී ලංකාවේ වගා කෙරෙන දේශිය අල වර්ග අතර වැල් අල සඳහා ඇත්තේ විශේෂිත වු තැනකි.
වැල් අල කන්න භෝගයක් ලෙස හැඳින්විය හැකිය. මින් අදහස් කරනුයේ යල කන්නයේ මුල් කාලයේ එනම් අප්‍රෙල් මැයි වැනි කාලවල වැල් අල සිටුවීම සිදුකල යුතු අතර භෝගයේ වර්ධන චක්‍රය මහ කන්නයේ අග එනම් දෙසැම්බර්, ජනවාරි වැනි කාලවල නිමාවට පත්වීමයි. භෝගයේ අස්වැන්න නෙලා ගැනීමෙන් පසු යළි සිටවන කාලය එළඹෙන තුරු අල සුප්තතාවයකින් පැවතීම මෙම භෝගයේ විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය ඒ නිසාම මෙම වැල් අල භෝගය කන්න භෝගයක් ලෙස හඳුන්වා දිය හැකිය.
වැල් අල හඳුන්වන උද්භිද නාමය "ඩයස්කෝරියා" නම් වේ. දේශීය වශයෙන් වැල් අල පවුලේ විශේෂ හතක් පමණ ඇත. ඒවා එකිනෙක වෙනස් වන්නේ ගෘහස්ථව වගා කළ හැකි හා නොහැකි කම තුළින් හා එම පැළැටිවල පවත්නා ආවේනික උද්භිද ලක්ෂණ මතය.
දිවයින බහුලව දැකිය හැකි වැල් අල විශේෂය වනුයේ " ඩයස්කොරියා අලාටා" නමින් හඳුන්වන මහා වැල් අල වර්ගයයි. දේශියව සෑම ප්‍රදේශයකම ව්‍යාප්තව පවතින මහා වැල් අල විශේෂ වලින් වෙන්කොට හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ කීපයකි.
පළමු ලක්ෂණය වන්නේ ශාකයේ කොයියම් ප්‍රදේශයක හෝ දම්පාට වර්ණක අඩංගු වීමය. දම්පාට වර්ණකයෙන් යුත් අල මදය ඇති සැම අලයක්ම මෙම විශේෂයට අයත් වුවත් ඇතැම් ප්‍රභේදවල දම්පාට වර්ණකය ඇත්තේ වැලේ පත්‍රවල, නාරටිවල පමණක් වැනි ශාකයේ ඉතා අල්ප ප්‍රදේශයකය.
දෙවැනි ලක්ෂණය නම් මෙම අලාටා වීශේෂයේ අල අස්වනු දරන්නේ සාමාන්‍යයෙන් විශාල එක් අලයක් වුවත් උපරිම වශයෙන් අල තුනක් දැරීමට ඉඩ කඩ තිබීමය තෙවන ලක්ෂණය නම් මෙම වැලේ හරස් කඩක් කැපු විට එම හරස් කඩයේ දාර පැහැදිලිව දැකිය හැකි වීමයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ නම්වලින් හඳුන්වන "ඩයස්කොරියා අලාටා වගා දර්ශ සාමාන්‍යයෙන් 50 ඉක්මවයි.
මෙයින් බහුලව වගා කෙරෙන වගා අතර රාජ අල, දන්දිල, ජඹුරල, ගුරුඅල හිගුරල, ඇඟිලි අල, පැණි අල, කිතල, තඹල, රතුඅල සඳහන් කළ හැකිය.
දිවයිනේ දෙවනුව විශාල වශයෙන් ව්‍යාප්තව පවතිනුයේ කුඩා වැල් අලය. එම වර්ගය උද්භිදව "ඩයස්කොරියා එස්ක්‍යුලෙන්ටා නමින් හඳුන්වයි. මෙම විශේෂ හඳුනාගත හැකි ලක්ෂණ කීපයක්ද ඇත.
නිපදවන අල ප්‍රමාණය සංඛ්‍යාවෙන් 15 ඉක්මවන අතර ප්‍රමාණයෙන් කුඩාය. සෑම අලයකටම දිග නටුවක් ඇත. අල පොකුර කටු තට්ටුවකින් වැසි තිබීම විශේෂ ලක්ෂණයකි. මෙම විශේෂයේ දිවයිනේ වගා කෙරෙන වගා දර්ශ අතර කුකුලල වර්ගද, නට්ටා අල හා විශේෂයෙන් උතුරු ප්‍රදේශවල වගා කෙරෙන සිදුවල්ලී, සිරුවල්ලි වර්ගද සඳහන් කළ හැකිය.
පෙරකී මහ වැල් අල (ඩයස්කොරියා අලාටා) සහ කුඩා වැල් අල (ඩයස්කොරියා එස්ක්‍යුලන්ටා) වලට අමතරව දේශීයව දැක ගත හැකි වෙනත් වැල් අල විශේෂද කිපයකි. එයින් මැතකදී දිවයිනට හඳුන්වා දුන් අප්‍රිකානු වැල් අල වර්ගයක් නම් "ඩයස්කොරියා රොටන්ඩේටා" වර්ගයයි. බහුලව උඩල විශේෂ ලෙස හඳුන්වන ඩයස්කොරියා බල්බ්පේරා තවත් විශේෂයකි. ඩයස් කොරියා හිස්පිඩා, ඩයස්කොරියා ඔපසිටා හා ඩයස්කොරියා ටයිෆිඩා යන විෙශ්ෂ දේශිය වශයෙන් හඳුනාගෙන ඇත්තේ වගා තත්ත්වයෙන් නොව ස්වාභාවික පරිසරවල වල් දර්ශ ලෙසිනි.
වැල් අල සඳහා දරුණු කෘමී හානි හා රෝග නොමැත. ඒ නිසාම කෘමි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කිරීමක්ද අවශ්‍ය නොවනු ඇත. ඒ නිසා පරිසරයට හිතකාමි, සෞඛ්‍යයට හිතකර ආහාරයක් මේ තුළින් නිපදවීම වැදගත්ය. වගා පාලනය සඳහා ඇත්තේද අවම යෙදවුම් අඩු අවධානය හා අඩු පාලනයක් වන අතර මෙම තත්ත්වයන්හිදි භෝගය ආහාරයට ගතහැකි වැඩි ආහාර ප්‍රමාණයක් ආන්තික භූමි තත්ත්වයලදීද නිපදවයි.
මෙම භෝගය වැවීමට අපේ ප්‍රධාන ආහාර වර්ග නිපදවීමට ගනු ලබන සරුභූමිය හා තරගකාරිත්වයක්ද නැත. මෙයින් අදහස් කෙරෙනුයේ භෝගයක් වගා කිරීම සඳහා සියළු හිතකර සාධක අඩංගු නොවන ආන්තික තත්ත්වයකට වැල් අල ගැලවෙන බවයි. මේ නිසාම වැල් අල තෙත් කලාපයේ ගෙවතු පරිසරයට මනාව හැඩ ගැසි ඇත.
ආයුර්වේදයේ මෙම භෝග කාණ්ඩය සඳහා ඇත්තේ ප්‍රමුඛතාවයකි. මෙම අලවල පවතින ඖෂධිය වටිනාකම ඇදුම, ආමාශයික, ආම්ලිකතාවය අර්ශස් හෘද වේදනාවන් සඳහා බෙහෙවින් වටිනා ආහාර භෝගයක් වන අතර ගැබිනි මව්වරුන්ගේ හිතකර දරු උපත් සඳහාද ඖෂධීය ආහාරයක් ලෙස සමහර වැල් අල විශේෂ (උදා: හිඟුරල) ග්‍රාමිය වශයෙන් භාවිතා කෙරේ. බටහිර වෛද්‍ය ක්‍රමයේද ගැබිනි මව්වරුන් සඳහා භාවිතා කරන සමහර එන්නත් නිස්සාරනය කිරීම සඳහා මෙම ඩයස්කොරියා අල පවුලේ ශාක භාවිතයට ගැනීම මෙම ගුණය වඩාත් තහවුරු කරයි.
සාම්ප්‍රදායික නොවන අපනයන භෝග අතර ජනප්‍රිය වෙමින් පවතින භෝග කාණ්ඩයක් ලෙසද වැල් අල හැඳින්විය හැකිය. ඩයස්කොරියා අලාටා විශේෂයේ රාජ අල ප්‍රභේදය සඳහා ඇත්තේ වැඩිවෙමින් පවතින අපනයන ඉල්ලුමකි.
වසර 20ක පමණ කාලයක් තිස්සේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගන්නොරුව උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය මෙම දේශිය භෝග තත්ත්ව වැඩි දියුණු කිරීමේ කාර්යයේ නියැලුණ අතර දේශීය වශයෙන් පවතින සියලුම වැල් අල වර්ග එකතු කොට ජාන ප්ලාස්ම නඩත්තුවක් පවත්වමින් සුදුසු වර්ග හඳුනා ගැනිමේ කාර්යයෙහි නියැලි ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අනාගත අප ආහාර ආර්ථීකයට දායකත්වයක් ලෙස මෙම වැල් අල පවුලෙන් සුදුසු වර්ග හඳුනාගෙන ඇත. මෙයින් ඩයස්කොරියා අලාටා විශේෂයේ වගා දර්ශ දෙකක් වන රාජ අල හා කැකුළු අලද ඩයස්කොරියා එස්ක්‍යුලන්ටා විශේෂයේ කුකුලල විශෙෂයක් වන සුටකුකුලල (කදිරා නමින් නිර්දේශ කර ඇති) වගාව සඳහා දියත් කර තිබේ.
සාර්ථක වැල් අල වගාවක් සඳහා නිරෝගි බීජ අල භාවිතයත් ප්‍රසස්ථ ප්‍රමාණයෙන් අල කැබලි කිරීම හෝ ඒ සඳහා ගනු ලබන අලයේ ප්‍රමාණයේ ඉතා වැදගත්ය. වගාව නියම කන්නයට ආරම්භ කිරීම සඳහා බීජ අලවල අංකුර මෝදු කිරීමට වැලි තවානක දැමිම හා නියම කාලයට එම අංකුර ලියලු අල කේෂ්ත්‍රයේ සිටුවීම වැදගත් වනු ඇත.
වැල් අල දේශිය වශයෙන් තනි භෝගයක් ලෙස ප්‍රචලිතව වගා නොකළත් මහා පරිමාණ වගාවකදි තනි භෝගයක් ලෙස වගා කිරීමද වැඩි අස්වැන්නක් ලබාදේ. ගෙවතු පරිසරය මෙන් නොව තනි වගාවකදි පරිසර සාධක ජය ගැනීමට තම වර්ධක දේහය (වැල) අනවශ්‍ය වර්ධනයක් කරා යොමු නොකරන හෙයින් අල අස්වනු වැඩියෙන් නිපදවයි වැල් අල සඳහා විශේෂයෙන් බුරුල් පස සහිත කාබනික පරිසරයක් හිතකරයි. මෙම තත්ත්වය මත සකසා ගත යුතු වලෙහි ප්‍රමාණය වෙනස් වනු ඇත. සැහැල්ලු පසෙහි වල කුඩාවටත්, තද පසෙහි වල ලොකුවටත් සකසා ගත යුතුය.
කාබනික පරිසරය දියුණු කිරීම ඕනැම දිරන කාබනික ද්‍රව්‍යයන් හිතකර වනු ඇත. පිඳුරු කාටුව, පොල් ලේලි, දහයියා, තණකොළ වැනි සම්පත් මෙම පාංශු කාබනික තත්ත්වය වැඩි දියුණු කරන අතර භූගත අලය මනා වර්ධනයකට යොමු කරවයි. තනි වගාවකදී පැලේ වර්ධනය සඳහා ආධාරක සැපයීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුය. දෙනු ලබන පරතරය මහවැල් අල සඳහා මීටර් 1x1 ක්ද කුඩා වැල් අල සඳහා මීටර් 1x0.5 ක්ද වශයෙන් වළවල් කපා භූමිය සකස්කොට එම වළවල් භූමිය සකස් කර ගත යුතුය. පසුව වළ මධ්‍යයේ ලියලු අංකුර සහිත රෝපණ ද්‍රව්‍යය සිටුවා ඊට ආසාන්නව අඩි 6කට වඩා උස්වු ඉන්නක් සිටුවීම කළ හැකිය. මේ ආධාරක ඉනි සඳහා ගිණි සිඩීයා හෝ විවිධ වල් ඉනි භාවිතා කළ හැකිය. ඉනිවල හිඟතාවයකදි පේළියක දෙපැත්තේ පොදු කණු දෙකක් සිටවා හෝ පොදු කණුවක මුදුනට ලණු ඇද ආධාරක සකසා ගත හැකිය.
වැල් අල වර්ධනයේ ප්‍රධාන පාලන ක්‍රමය වන්නේ පොහොර යොදන ආකාරයයි. වල පිරවීමේදි යොදවන පොහොර මිශ්‍රණයට අමතරව යොදවන පොහොර මිශ්‍රණයට අමතරව යොදන මතුපිට පොහොර දැමිම අවස්ථා කීපයකින් කළ යුත්තේ භෝගයේ වර්ධනය මාස 4 1/2 ක් වනතුරු පමණක් සිදුවන බැවිණි ඉන් ඉදිරියට පොහොර යෙදීම අනවශ්‍ය වේ. යොදනු ලබන පොහොරවල කාලාන්තරය හා ප්‍රමාණය පසේ පාංශු තෙතමනය හෝ වර්ෂාව මත රදා පවතින අතර පොහොර වරින් වර යෙදීම වැඩි කාර්යක්ෂමතාවයකට හේතු වේ. ආධාරක කෙරෙහි වැල් යොමු කිරීම තත්ත්ව පාලන ක්‍රමයකි. මීට අමතරව නිසි ආකාර වල් මර්ධනය හා පාංශු ජල සංරක්ෂණ ක්‍රම දියත් කිරීම සඳහා වසුන් යෙදීම වැඩි හා ගුණාත්මක අස්වැන්නක් සඳහා හිතකර වනු ඇත.
වැල් අල වගාවේ අස්වනු ගැලවීමේ කාලය භෝගය විසින් මනාව පෙන්නුම් කරනුයේ එහි වර්ධනය ඇනහිට පත්‍ර කහවීම ආරම්භවීමෙනි. මෙතැන් සිට වැල් අල මැරි යන තුරු ඕනැම විටක අස්වනු ගලවා ගත හැකි අතර, අල අස්වැන්න ස්වාභාවික තත්ත්වයෙන් පස තුළ ඊළඟ කන්නය සඳහාද සුරක්ෂිතව තිබේ. එ නිසා අවස්ථානුකුලව වෙළද ඉල්ලුම මත විටින් විට අස්වනු ගලවා වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත්තේ මෙම අල භෝගයට පමණි.
| පොහොර යෙදීම - හෙක්ටයාර 1 ට කිලෝ ග්‍රෑම් සටහන | ||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| පොහොර වර්ග | මුලික | මතුපිට 1 මාස 1 1/2 -2 | මතුපිට 2 මාස 3 1/2 - 4 | |||||||||||||||||||||||||||||
| යුරියා | 60 | 60 | 60 | |||||||||||||||||||||||||||||
| සුපර්පොස්පේට් | 150 | - | - | |||||||||||||||||||||||||||||
| මියුරෙට් පොටැෂ් | 60 | 60 | 60 | |||||||||||||||||||||||||||||
-හම්බන්තොට වැල් දොඩම් වගාව සාර්ථක ව
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැල් දොඩම් වගාව සාර්ථක ව සිදු කෙරෙන බව හම්බන්තොට දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි.
ඒ අනුව මේ වන විට සුරිව වැව, තිස්සමහාරාමය, වීරකැටිය, කටුවන, අඟුණුකොළපැලැස්ස ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් හි අක්කර 134ක වැල් දොඩම් වගා කොට ඇත. මෙම වගාව ගොවීන් සිදු කරනු ලබන්නේ පොල් වගාවේ යටි වගාවක් ලෙසය.
ඉදරියේ දී දිස්ත්‍රික්කයේ මුඩු බිම්වල ද මෙම වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කෙරෙන අතර මේ වගා කටයුතු ගැමි දිරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් එක් ව කටයුතු කෙරේ.
බුලත් හා බැඳුනු චාරිත්‍ර[සංස්කරණය]බුලත් - උද්භිදචේදය
| ||||||||||||||||||||||||||||||||
No comments:
Post a Comment